ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 වන උපසම්පදා විනය කර්මයේ සමාරම්භක මහෝත්සවය ජුනි 30 වැනිදා (ඊයේ) ගල්නෑව – මහවැලි ක්රීඩාංගණයේදී පවත්වා ඇත.
ඒ, රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්ය මකුලෑවේ ශ්රී විමල මහ නාහිමියන්ගේ ප්රධානත්වයෙනි.
ජනාධිපති අනුර කුමාර දිසානායක ද මේ අවස්ථාවට එක්වූ අතර සෑම උපසම්පදා විනය කර්මයකදීම පළකරනු ලබන පටිපදා ශාස්ත්රීය සංග්රහය මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබේ.
මෙහිදී පැමිණ සිටි පිරිස ඇමතූ ජනපතිවරයා පවසා ඇත්තේ පවතින නීති ප්රමාණවත් නොවන්නේනම් නීති ශක්තිමත් කර හෝ ජාතිවාදය පරාජය කර ජාතික සමගිය නිර්මාණය කළ යුතු බවයි.
කාංචනා







