හලාවත දුම්රිය මාර්ග නියාමකවරුන් ඉවත් වීමේ සූදානමක්

හලාවත දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලින් අද(07) මධ්යම රාත්රියේ ඉවත් වීමට නියාමකවරුන් සූදානම්ව සිටින බව ලංකා දුම්රිය නියාමක සංගමය පවසනවා.
දුම්රිය සංඥා දෝෂ පිළිබඳව තමන් කළ ඉල්ලීම්වලට බලධාරින්ගෙන් නිසි ප්රතිචාර මේ වනතුරුත් නොලැබීම මීට හේතුව බවත් රාගම ප්රදේශයේ දුම්රිය සංඥා වල පසුගියදා පැවැති දෝෂ වෙනුවෙන් ලබා දුන් නිර්දේශයන් ගැන නියාමකවරුන් සෑහීමකට පත් නොවන බවත් සංගමයේ ලේකම් කේ. ඩී. ඩී. ප්රසාද් සඳහන් කර සිටියේය.
එලෙසම මෙම දෝෂයේ වගකීම සංඥා දෙපාර්තමේන්තුව විසින් බාරගෙන එය නිවැරදිකර දෙන ලෙස තම සංගමය දුම්රිය බලධාරින්ගෙන් ඉල්ලීමක්කර ඇති බව ද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website