වසන්ත සමරසිංහ ඇතුළු තව තිදෙනෙකුට ඉඩම් වංචා චෝදනාවක්

ව්‍යාජ ඔප්පුවක් මත ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් රුපියල් ලක්ෂ 36කට බදු දුන් බවට වංචා කළැයි යන සිදූවීමක් මුල් කොටගෙන වෙළෙඳ,වාණිජ,ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ,කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ,කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් යන අයගෙන් ප්‍රකාශ සටහන් කරගෙන උද්දෘත ගොනු කරන ලෙසට ගල්කිස්ස මහෙස්ත්‍රාත් ඒ ඩී චතුරිකා ද සිල්වා අද(25) කොළඹ වංචා විමර්ශන කාර්යංශයට නියෝගකර තිබෙනවා.
නඩුව කැඳවූ අවස්ථාවේ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් විමර්ශනයේ දී අනාවරණය ක‍රගත් ලේඛන අධිකරණයට ඉදිරිපත් කොට ඇත.
නඩුව ලබන මස අගෝස්තු 22 නැවත කැදවීමට නියෝගකර ඇති බව සැලය.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website