අලි ඇතුන්ගේ ජීවිත සුරැකීම සහ වන සතුන් දඩයම් කිරීම වැළැක්වීමේ අරමුණින් ජාතික නාමල් උයන රක්ෂිතයේ සිදුකළ ‘හස්ති සේනා‘ මෙහෙයුමවෙන් මදු 20කට අධික සංඛ්‍යාවක් සොයා ගත් බව පරිසර අමාත්‍ය ධම්මික පටබැදි මහතා පැවසුවේය.
පසුගිය 02 වැනිදා පරිසර අමාත්‍ය ධම්මික පැටබැදි මහතාගේ මූලිකත්වයෙන් යුධ හමුදාව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව මෙම මෙහෙයුම දියත් කර ඇත. එහිදී අනවසර ගිනි අවි ඇතුළු නඩු භාණ්ඩ රැසක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
අලි වාසස්ථානවලින් 80%ක් පමණ ආවරණය වන පරිදි මෙම මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා පැවසුවේය.












