වලංගු කාලය: 2026 ඔක්තෝබර් 27 දින පෙ.ව. 11.30 දක්වා
කළු ගඟ ද්රෝණියේ ජල පෝෂක ප්රදේශවල සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර, තවදුරටත් වර්ෂාව පවතී. පවතින වර්ෂා තත්ත්වය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් කළු ගඟ ද්රෝණිය තුළ පවත්වාගෙන යනු ලබන ගංගා ජල මට්ටම් මිනුම් ස්ථානවලින් වාර්තා වී ඇති ජල මට්ටම් විශ්ලේෂණය කිරීමේ පදනම මත, ඉදිරි පැය 24 තුළ කළු ගඟේ ගංවතුර තැනිතලාවේ පහත්බිම් ප්රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාව පවතී.
අවදානමට ලක්විය හැකි ප්රදේශවලට අයත් ප්රාදේශීය ලේකම් කොට්ඨාස:
- රත්නපුර දිස්ත්රික්කය: පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම සහ ඇලපාත.
- කළුතර දිස්ත්රික්කය: ඉංගිරිය, හොරණ, දොඩංගොඩ, මිල්ලනිය, බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර.
මෙම ප්රදේශවල පදිංචි ජනතාව සහ එම ප්රදේශ හරහා ගමන් කරන රියදුරන් දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, සුදුසු ආරක්ෂිත පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටිනු ලැබේ.










