උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සහ ගෙලිඔය දුම්රිය ස්ථාන අතර අඟුණාවල ප්‍රදේශයේදී අද (05) පස්වරු 6.20ට පමණ දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටී ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා පැවසුවේය.
මෙම අවහිරතා කඩිනමින් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද ඔහු ප්‍රකාශ කළේය.
මාස 10කට පමණ පසු අද අළුයම ඉහළ කෝට්ටේ සහ කඩිගමුව අතර සිදුවූ දුම්රිය පීලි පැනීම හේතුවෙන් ඇති වූ මාර්ග අවහිරතාවය මේ වන විට සම්පූර්ණයෙන් ඉවත් කර ඇති බව ද ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.








