මාස 10කට පසු පේරාදෙණිය සිට කොළඹ බලා ධාවනය වූ දුම්රිය මංගල ගමනේ දීම පීලි පනී – ඉදිරිපසට හානි

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් උඩරට දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව පේරාදෙණිය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ පළමු කාර්යාල දුම්රිය අද (05) පෙ.ව 04.40ට පමණ ගංගොඩ සහ කඩිගමුව දුම්රිය ස්ථානය අතරතුරදී පීලි පැන තිබේ.

දුම්රිය මාර්ගයට පස් සහ ගල් පෙරළී තිබීම හේතුවෙන් මෙම දුම්රිය පීලි පැනීම සිදු වූ බව අදාළ දුම්රියේ ගමන් කළ මගියෙකු සඳහන් කළේය.

පීලි පැනීමෙන් දුම්රියේ ඉදිරිපස කොටසට ද හානි සිදුව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website