ජනතාවට තෙල් අඩු මිලට ලබාදී තිබියදීත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වසරේ බිලියන 28ක් ලාභ ලබා තිබෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පැවසීය.
මෙම ලාභය යොදා ගනිමින් සංස්ථාවේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කර තිබෙන බවත් අමාත්‍යවරයා පැවසුවේය.
තෙල් සංස්ථා සභාපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (02)ජෙට් A-1 ගුවන් යානා ඉන්ධන නළ මාර්ගයේ සහ මුතුරාජවෙල නව තෙල් ටැංකි සංකීර්ණයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමේ උත්සවයේ දීය.
සභාපතිවරයා මෙසේ ද පැවසුවේය, “මැද පෙරදිග යුද්ධය නිසා අප විශාල අභියෝගයකට මුහුණ දුන්නා. නමුත් ජනාධිපතිවරයා මැදිහත් වී ජනතාවට සහන ලබාදී තත්ත්වය ඉතා හොඳින් කළමණාකරනය කළා. ඒ නිසා ලෝක වෙළදපොලේ ඩීසල් මිල 91%කින්වැඩි වෙද්දී අප රට තුළ වැඩි කර තිබෙන්නේ 39.9%ක් පමණයි. පෙට්‍රල් මිල ලෝක වෙළදපොලේ 80%ක්වැඩි වෙද්දී අපේ රටේ වැඩිකර තිබෙන්නේ 41%ක් පමණයි. මේ ආකාරයට තෙල් අඩු මිලට ලබාදී තිබියදීත් සංස්ථාව මේ වසරේ බිලියන 28ක් ලාභ ලබා තිබෙනවා. අප පසුගිය වසරේදිත් රුපියල් බිලියන 36ක ලාභයක් ලැබුවා. මෙතරම් ලාභ තිබියදී ඉන්ධන මිල අඩු නොකරන්නේ ඇයිද කියලා ගැටලුවක් මතු වෙන්න පුළුවන්.
එහෙත් අප ඒ ලාභය යොදා ගනිමින් ආයතනයේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කර තිබෙනවා. ඉන්ධන ගබඩා ධාරිතාවය වැඩි කිරිම සඳහා අතහැර දමා තිබූ ටැංකි හයක් ඉදිකිරීම ඇතුළුව ටැංකි 11ක ධාරිතාවයක් එකතු කිරිම, අවුරුදු අනූවකට වඩා පැරණිඅපේ තෙල් පිරවුම් අංශය නවීකරණය කර මුතුරාජවල නව ටැංකි පද්ධතියක් ඉදිකිරිම, වරායේ සිට කොළොන්නාව දක්වා ඉන්ධන ගොඩබෑමට නව නල දෙකක් එළීම, කටුනායක දක්වා ජෙට් A-1 නව නළ මාර්ගයක් එලීම ඇතුළු නළ පද්ධතිය විධිමත් කිරිම සහ නව නළ මහාර්ග එළිම, ඇතුළු ව්‍යාපෘති රැසක් ඒ ලාභය යොදා ගනිමින් අපි ක්‍රියාත්මක කරනවා. ඒ නිසා එහි ප්‍රතිලාභය අපි නැවත ජනතාවට ලබා දී තිබෙනවා”.













