ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් අද (15) දින නිකුත් කළ නිවේදනයක් මඟින් කොළඹ, කළුතර සහ කෑගල්ල දිස්ත්රික්කවල ප්රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක් සඳහා අදියර 01 (විමසිලිමත් – කහ) නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව කොළඹ දිස්ත්රික්කයේ සීතාවක, කළුතර දිස්ත්රික්කයේ දොඩංගොඩ, බුලත්සිංහල, බේරුවල, ඉංගිරිය, මතුගම, පාලින්දනුවර සහ වලල්ලාවිට සහ කෑගල්ල දිස්ත්රික්කයේ වරකපොළ සහ රුවන්වැල්ල යන ප්රා.ලේ. කොට්ඨාශ සහ අවට ප්රදේශවලට මෙම නිවේදනය වලංගු වේ.














