කිරිපිටි, කල්කිරි සහ යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ දමා ඇති බව සඳහන් කරමින් “BREAKING NEWS” ලෙස සකස් කළ පුවතක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එම නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.
කිරිපිටි, කල්කිරි සහ යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ දමා ඇති බව සඳහන් කරමින් “BREAKING NEWS” ලෙස සකස් කළ පුවතක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මෙම පුවතේ සඳහන් මිල ඉහළ දැමීම් සම්බන්ධ තොරතුරු අසත්‍ය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාවට දැනුම් දෙයි.
එම සමාජ මාධ්‍ය සටහනේ කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රු. 260කින්, කල්කිරි බෝතලයක මිල රු. 40කින් සහ යෝගට් එකක මිල රු. 20කින් ඉහළ දමා ඇති බව සඳහන් කර ඇත.
එබැවින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන මෙවැනි පුවත් දුටු විට ඒවා නිල හෝ විශ්වාසදායක මූලාශ්‍රයකින් තහවුරු කර ගැනීමකින් තොරව Share කිරීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිමු.
“Breaking News” ලෙස සඳහන් කර තිබීම පමණක් පුවතක් සත්‍ය බවට සාක්ෂියක් නොවේ. ව්‍යාජ හෝ තහවුරු නොකළ තොරතුරු හුවමාරු කිරීමෙන් පාරිභෝගිකයන් අතර අනවශ්‍ය කලබලයක් ඇතිවීමටත්, වෙළෙඳපොළ තුළ වැරදි අවබෝධයක් ඇතිවීමටත් ඉඩ ඇත.
hare කිරීමට පෙර Verify කරන්න. අදාළ තොරතුර නිල නිවේදනයක් මඟින් තහවුරු කර තිබේදැයි පරීක්ෂා කරන්න. සැක සහිත මිල වෙනස්වීම් හෝ වෙළෙඳපොළ අක්‍රමිකතා පිළිබඳ තොරතුරු ඇත්නම් කාර්යාල වේලාවන් තුළ 1977 පාරිභෝගික කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන්න.
















