තලෛයිමන්නාම පොලිස් වසමේ දුම්රිය පෙදෙසේදී තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් කාන්තාවක් මියගොස් ඇති බවට ඊයේ (26) දින තලෛයිමන්නාරම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකාරිය වයස අවුරුදු 27 ක් වූ තලෛයිමන්නාරම ප්‍රදේශයේ පදිංචිකාරියකි.
පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මරණකාරියගේ පුරුෂයා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
වයස අවුරුදු 32ක් වන සැකකාර පුරුෂයා අත්අඩංගුවට ගෙන ඇති අතර තලෛයිමන්නාරම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














