කඩුවෙල සිද්ධ රන්කඩු පත්තිනි දේවාලයේ දිය කැපීමේ වාර්ෂික මහා පෙරහැර අද (16) දින උදෑසන 06.00 සිට දහවල් 02.00 දක්වා විථි සංචාරය කිරීමට නියමිතය.
පෙරහැර දේවාලය අසලින් ආරම්භවී 143 – අවිස්සාවේල්ල කොළඹ බස් මාර්ගය හරහා කඩුවෙල රාජසිංහ පාලම මතින් බණ්ඩාරවත්ත, බියගම ප්‍රදේශයට ගමන් කර දිය කැපීමේ චාරිත්‍රය අවසන් වීමෙන් පසුව නැවත එම මාර්ගයේම කඩුවෙල හන්දිය හරහා දේවාලය වෙත පැමිණේ.
ඒ අනුව 143 – අවිස්සාවේල්ල කොළඹ බස් මාර්ගයේ වෙලේ හන්දිය අසලින් රථවාහන ගමනාගමනය සීමා කරන අවස්ථාවේ විකල්ප මාර්ගයක් වශයෙන් 697 බස් මාර්ගයෙන් පට්ටියවත්ත මාර්ගය ඔස්සේ 177 – කඩුවෙල කොල්ලුපිටිය බස් මාර්ගයට අවතීර්ණය වී මාලඹේ දෙසට ඇති රාජසිංහ මාවත ඔස්සේ නැවත 143 – අවිස්සාවේල්ල කොළඹ බස් මාර්ගයට අවතීර්ණ වී ගමන් කිරීමට හැකියාව පවතී.














