දංකොටුව පොලිස් වසමේ සුමගි හන්දිය මැටිකොටුව අතුරු මාර්ගයේ සුමගි හන්දිය ආසන්නයේදී සුමගි හන්දිය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් එකවරම මාර්ගය හරහා ගමන් කල සුනකයෙකුගේ ගැටී ත්‍රීරෝද රථය පෙරළී ගොස් අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ රියදුරු දංකොටුව රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත. මරණකරු අවුරුදු 64 ක් වූ වයික්කාල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඊයේ (09) උදෑසන මෙම මාරක අනතුර සිදුව ඇති බව දංකොටුව පොලිසිය පවසයි.















