මාස හතට යතුරුපදිකරුවන් 749ක් මරුට:- ආරක්ෂිත හිස්වැසුම් ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් නඩු 271,890ක්

2026 වසරේ ජනවාරී 01 සිට ජූලි 31 දක්වා මාස හතක කාලය තුළ යතුරුපැදි අනතුරුවලින් පුද්ගලයින් 749කට වැඩි පිරිසක් මියගොස් ඇති බව මාර්ග ආරක්ෂාව, රථවාහන සහ පාලන අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා පැවසුවේය.

මිය ගිය යතුරුපැදිකරුවන් අතර වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින් 13 දෙනෙකු ද සිටින බව ඔහු පැවසීය.

2026 ජනවාරි 1 සිට ජූලි 31 දක්වා කාලය තුළ මාර්ග අනතුරු 1,626 ක් වාර්තා වී ඇත. එය පසුගිය 2025 වර්ෂයට වඩා පැහැදිලි ඉහළ යාමක් බව රණගල මහතා පැවසුවේය.

“2026 ජනවාරි 1 සිට ජූලි 31 දක්වා කාලය තුළ මාර්ග අනතුරු 1,626ක් වාර්තා වී ඇති අතර, පසුගිය වසරේ අදාළ කාලය තුළ වාර්තා වුණේ මාර්ග අනතුරු 1,585ක් පමණයි. මෙම වසරේ ජනවාරි 1 සිට ජූලි 31 දක්වා කාලය තුළ ආරක්ෂිත හිස්වැසුම් ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් නඩු 271,890ක් පවරා තිබෙනවා. 2025 දී මෙවැනි නඩු 349,823ක් පැවරීමට පොලිසියට සිදු වුණා” රණගල මහතා වැඩි දුරටත් පැවසුවේය.

නීතිමය ක්‍රියාමාර්ග හෝ පොලිස් බලාත්මක කිරීම් වළක්වා ගැනීමට පමණක් නොව, තමන්ගේම ජීවිත සහ ආරක්ෂාව ආරක්ෂා කර ගැනීම සඳහා යතුරුපැදිකරුවන් ආරක්ෂිත හිස්වැසුම් පැළඳිය යුතු බව ඔහු ඉල්ලා සිටියේය.

ඊයේ (07) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් මාර්ග ආරක්ෂාව, රථවාහන සහ පාලන අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website