පාසල් උපකරණ කට්ටල 6734 ක් 2025 වර්ෂයේදී විගමනික ශ්‍රමිකයින්ගේ දූ දරුවන්ට

ශ්‍රී ලංකාවම නියෝජනය වන පරිදි පාසල් උපකරණ කට්ටල 6734 ක් 2025 වර්ෂයේදී විගමනික ශ්‍රමිකයින්ගේ දූ දරුවන් සඳහා ලබා දී ඇති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය  අරුන් හේමචන්ද්‍ර මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම උපකරණ කට්ටල 6734 න්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති  කාර්යාංශයේ  ලියාපදිංචි වී විදේශ රැකියාවල නියුතුව සිටින ශ්‍රමිකයින්ගේ  දරුවන් සඳහා 2025 වර්ෂයේ පාසල් උපකරණ කට්ටල 6228 ක් ද, කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවක නියුතුව සිට මෙරටට පැමිණි විගමනික ශ්‍රමිකයින්ගේ දරුවන් සඳහා 2025 වර්ෂයේදී පාසල් උපකරණ කට්ටල 506 ක් ද වශයෙන් ලබා දී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී  දේවානන්ද සුරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද  වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගරු නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම තොරතුරු සඳහන් කළේය.  

මෙයට අමතරව,  කොළඹ දිස්ත්‍රික්කයට අදාළව 2025 වර්ෂයේදී බෙදා දීමට අනුමත කර ගන්නා ලද පාසල් උපකරණ කට්ටල 748 ක් (කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවල නියුතුව සිටින ශ්‍රමිකයින්ගේ දරුවන් සඳහා පාසල් උපකරණ කට්ටල 705 ක්ද, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති  කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවක නියුතුව සිට මෙරටට පැමිණි විගමනික ශ්‍රමිකයින්ගේ දරුවන් සඳහා පාසල් උපකරණ කට්ටල 43 ක්ද වශයෙන්) 2026 වර්ෂයේ ජනවාරි මසදී බෙදා දීමට කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website