මීටියාගොඩ අවන්හලක මුදල් අයකැමිවරිය ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පතයි

2025.11.17 වන දින මීටියාගොඩ පොලිස් වසමේ අලුත්වල පාර ප්‍රදේශයේදී රෙස්ටූරන්ට් ආයතනයක මුදල් අයකැමි ලෙස සේවය කල කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලිස් ස්ථානය මගින් විමර්ශන සිදු කරනු ලබයි.

මෙම වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරු හඳුනාගෙන ඇති අතර මොහු දැනට පදිංචි ප්‍රදේශය මගහැර සැඟව සිටින බැවින් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි.

  • සැකකරුගේ නම – ගල්කේන කංකානම්ගේ උපුල් කුමාර නොහොත් ජම්බු
  • වයස – 39
  • ජාතික හැඳුනුම්පත් අංකය – 871254385V
  • ලිපිනය – උඩුමුල්ල, කලුපේ, හික්කඩුව

මෙම සැකකරු ගන්දර හා අම්බලන්ගොඩ පොලිස් වසම්වල සිදුවූ වෙඩිතැබීම් වලටද අවශ්‍ය කරන සැකකරුවෙකු වන අතර බලපිටිය ගරු මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු කිහිපයකට අදාලව වරෙන්තු නිකුත් වී ඇති පුද්ගලයෙකි.

සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන මෙන් ඉල්ලා සිටිමි.

දුරකතන අංක –

  • ස්ථානාධිපති / මීටියාගොඩ – 071 – 8591481
  • පොලිස් ස්ථානය මීටියාගොඩ – 091 – 2260423

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website