අද (01) සවස මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව නිරීක්ෂණය කිරීම සඳහා බෙල් 412 ගුවන් යානයක් සහ ඩ්‍රෝන යානයක් යොදවා ඇතැයි ගුවන් හමුදාව පවසයි.
මේ වන විට තත්ත්වය පාලනය කිරීම සඳහා මහර බන්ධනාගාරය අවට ග්‍රාම නිලධාරී වසම් තුනකට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති අතර ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇත
මේ වන විට බන්ධනාගාරය අවට රැඳවියන්ගේ ඥාතීන්ද එක්ව ඇති අතර ඔවුන් අතරද යම් නොසන්සුන්තාවක් හටගෙන තිබූ බවත් වාර්තා වේ.
AI මගින් ජනනය කරන ලද ඡායාරූපයක් ඉහත දැක්වේ – සංස්කාරක









