11 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය 2027 ජනවාරියේදී

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කරන 11 වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ සංවිධාන කටයුතු පිළිබඳව සහ එහි ප්‍රගතිය සම්බන්ධ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (30) පස්වරුවේ පැවැත්විණ.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයට වසර 115ක් සපිරීම නිමිත්තෙන් 11 වන වරටත් සංවිධානය කරන ජාතික බාලදක්ෂ ජම්බෝරිය 2027 වසරේ ජනවාරි මස 17 දින සිට 23 වනදා දක්වා දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණය කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට සැලසුම් කර ඇත.

11 වන බාලදක්ෂ ජම්බෝරිය පැවැත්වීමට අදාළ සංවිධාන කටයුතු සහ එහි වත්මන් ප්‍රගතිය මෙන්ම, රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල සහාය ලබා ගැනීම, එක් එක් ආයතන වෙත පැවරෙන වගකීම් සම්බන්ධවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website