මුදල් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද ‘සුපිළිපන් සතිය’ සාර්ථකව අවසන් වේ

මුදල්,ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද “සුපිළිපන් සතිය” වැඩසටහනේ අවසන් දිනය අද (31) දින අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සාර්ථකව පැවැත්විණි.

අද දින රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව, ඵලදායීතාව සහ සේවා සැපයීමේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීම අරමුණු කරගනිමින් කාර්යාල පරිශ්‍රයේ පිරිසිදුකම පවත්වාගෙන යාම, ලිපිගොනු හා දත්ත විධිමත්ව සංවිධානය කිරීම, භාවිතයට නොගන්නා ද්‍රව්‍ය ඉවත් කිරීම, අමාත්‍යාංශ පරිශ්‍රයේ පරිසර දූෂණය අවම කරමින් හරිත හා පරිසර හිතකාමී කාර්යාල පරිසරයක් ගොඩනැගීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම, සහ කාර්යාල පරිසරය වඩාත් විධිමත්ව පවත්වාගෙන යාම ඇතුළු ක්‍රියාකාරකම් සිදු කරන ලදී.

මෙම වැඩසටහන මගින් කාර්යාල පරිසරයක් පමණක් නොව, වගකීම, විනය, කාර්යක්ෂමතාව, පාරිසරික වගකීම සහ සුපිළිපන්නභාවය අගය කරන රාජ්‍ය සේවා සංස්කෘතියක් ගොඩනැගීම ප්‍රවර්ධනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website