ජාතික පාරිසරික (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද ජාතික පාරිසරික (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (ජූලි 21) සිය සහතිකය සටහන් කළේය.

1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත මෙන්ම 1988 අංක 56 සහ 2000 අංක 53 දරන ජාතික පාරිසරික (සංශෝධන) පනත් මඟින් පාරිසරික ආරක්ෂාව සැලකිය යුතු ලෙස ශක්තිමත් කර තිබුණද, වර්තමාන පාරිසරික හා ආයතනික අභියෝගවලට මුහුණ දීම සඳහා දැනට පවතින නෛතික රාමුව ප්‍රමාණවත් නොවන බව සැලකිල්ලට ගනිමින් මෙම සංශෝධන පනත හඳුන්වා දෙන ලදී.

මෙම පනත මඟින් පරිසරය ආරක්ෂා කිරීම, කළමනාකරණය සහ වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය නෛතික රාමුව තවදුරටත් ශක්තිමත් කිරීම, අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධ නියාමන ක්‍රමවේද වැඩිදියුණු කිරීම සහ පාරිසරික ආරක්ෂාව සඳහා භාවිත වන යාන්ත්‍රණ නවීකරණය කිරීම අරමුණු කර ඇත.

ඒ අනුව, මෙම පනත් කෙටුම්පත 2026 අංක 15 දරන ජාතික පාරිසරික (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website