පුද්ගලයන්ට තම ලිංගභේදය නීත්‍යානුකූලව වෙනස් කිරීමට අවසර දෙන චක්‍රලේඛයක් අභියෝගයට ලක් කරමින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සලකා බැලීමකින් තොරව ප්‍රතික්ෂේප කර ඇත.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක නම් කර ඇත.
විශ්‍රාමික ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරී ශාන්ත ජයතිලක විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබුණේය.












