යුක්රේන සන්නද්ධ හමුදාවන්ගේ හමුදා භාණ්ඩ ප්‍රවාහනය සඳහා භාවිතා කරන යටිතල පහසුකම් වෙත ප්‍රහාර එල්ල කළ බවත්, එමඟින් ඔඩෙසා අසල යුක්රේනයේ චොර්නොමෝර්ස්ක් වරායට හානි සිදු වූ බවත් රැසියානු ආරක්ෂක අමාත්‍යාංශය අද (13) නිවේදනය කළේය.
අමාත්‍යාංශය වැඩි දුරටත් පැවසුවේ ඉලක්කවලට හමුදා භාණ්ඩ ගොඩබෑම සඳහා භාවිතා කරන වරාය යටිතල පහසුකම්, ඉන්ධන ගබඩා ටැංකි සහ පතොරම් ගබඩාවක් ඇතුළත් වූ බවයි.
තම හමුදා තොටුපළවල් දෙකකට සහ බහාලුම් නෞකාවකට පහර දුන් බව ද එම නිවේදනයේ සඳහන් විය.
ජූලි 10 සිට 12 දක්වා රාත්‍රියේ රුසියානු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලදී චොර්නොමෝර්ස්ක් හි තම වත්කම්වලට සැලකිය යුතු හානියක් සිදු වූ පසු එහි මෙහෙයුම් අත්හිටුවා ඇති බව යුක්රේනය පැවසීය.
යුක්රේන බලධාරීන්ගෙන් වහාම අදහස් දැක්වීමක් සිදු නොවීය.
මෑත සතිවලදී රුසියානු තෙල් පිරිපහදු සහ ඉන්ධන ප්‍රවාහන නෞකා ඉලක්ක කර ගනිමින් යුක්රේනය එල්ල කළ ප්‍රහාර හ්තුවෙන් රුසියාව තුළ උග්‍ර ඉන්ධන හිඟයක් ඇති වී ඇත. යුක්රේනය සමඟ වසර හතරකට වැඩි කාලයක් පවතින යුද්ධය තවත් උග්‍ර කරන බවට මොස්කව් යළි තර්ජනය කර තිබේ.
REUTERS ඇසුරිණි















