මීගමුවෙන් වෙනත් බන්ධනාගාරවලට රැගෙන ගිය රැඳවියන් තිදෙනෙක් මරුට

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා වෙනත් බන්ධනාගර වෙත රැගෙන ගිය රැඳවියන් දෙදෙනෙකු බන්ධනාගාර තුළ දී සිදුකළ  පහර දීම් හේතුවෙන් මිය ගොස් ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි.

වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ රැඳවියෙකු සහ බූස්ස බන්ධනාගාරයට රැගෙන ගිය රැඳවියෙකු මෙලෙස මිය ගොස් ඇත.

මේ අතර, අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත ගෙන ගිය තවත් රැඳවියෙක් ද රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති සේනක පෙරේරා මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website