මීගමුව බන්ධනාගාර ගැටුම: ඝාතනය කරන ලද පිරිස 26 දක්වා ඉහළට – බන්ධනාගාර නිලධාරීන් 07ක් ඒ අතර

අද (06) උදෑසන මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමෙන් ඝතනය කරන ලද ගණන 26 දක්වා ඉහළ ගොස් ඇති අතර බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු සහ රැඳවියන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

බන්ධනාගාර ජේලර්වරයෙක්, ජ්‍යෙෂ්ඨ නියාමකවරයෙක් සහ නියාමකවරු පස් දෙනෙක් ගැටුමේ දී ඝාතනයට ලක්ව ඇත.

බන්ධනාගාර නිලධාරීන් 23 දෙනෙකු සහ රැඳවියන් 54 දෙනෙකු තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතර බරපතළ තත්ත්වයේ පසුවූ තුවාලකරුවන් 18 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

බන්ධනාගාරය තුළ තිබූ CCTV පද්ධති සහ බොඩි ස්කෑනර් යන්ත්‍රයද රැඳවියන් විසින් සම්පුර්ණයෙන්ම විනාශ කර ඇති බව ද වාර්තාවේ.

අද පෙරවරුවේ මෙම ස්ථානයට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පැමිණි අතර ඔහුට දැඩි ආරක්ෂාවක් ලබා දී තිබුණේය.

මෙහිදී මාධ්‍ය හමුවේ කරුණු දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ රැඳවියන්ගේ මූලික අරමුණ වූයේ බන්ධනාගාරයේ කටයුතු අඬාල කිරීම බවයි. ගැටුමට මුලික වූ රැඳවියන් පිරිසක් අඟුණුකොළපැලැස්සට සහ වැලිකඩට යොමුකිරීමට පියවර ගත් බව ද අමාත්‍යවරයා පැවසුවේය.

මෙය කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමක් මිස බන්ධනාගාර නිලධාරීන් සමඟ ඇති වූ ප්‍රශ්නයක් නොවන බව අවධාරණය කළ අමාත්‍යවරයා මෙම සිදුවීමෙන් රජය දැඩි කම්පනයට පත්ව සිටින බව ද කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website