මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර ගැටුමක් – 02 මරුට – 35කට තුවාල – රැඳවියන් විරෝධතාවක

අද (5) පස්වරුවේ මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් රැඳවියන් දෙදෙනෙකු මිය ගොස් තවත් 35 දෙනෙකු තුවාල ලබා ඇති බව බන්ධනාගාර බලධාරීන් තහවුරු කළේය.

තුවාල ලැබූ රැඳවියන් ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතල තුවාල ලැබූ තවත් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත.

සිද්ධියෙන් පසු කාන්තා රැඳවියන් පිරිසක් බන්ධනාගාර වහළය මතට නැඟී විරෝධතාවක් ආරම්භ කළ අතර පිරිමි රැඳවියන් පිරිසක් ද වහළය මතට නැඟී වෙනම විරෝධතාවක් ආරම්භ කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website