කහවත්ත පොලිස් වසමේ කහවත්ත පුරාණ විහාරස්ථානයේ වාර්ෂික මිහිඳු මහා පෙරහර අද (3) දින රාත්‍රී වීථී සංචාරය කිරීමට නියමිතව ඇත. එම පෙරහර එදින රාත්‍රී 08.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගය ඔස්සේ ගමන් කර ලිහිණියා හන්දියෙන් හැරී කොටකෙතන මාර්ගය ඔස්සේ නැවත විහාරස්ථානය දක්වා වීථි සංචාරය කිරීමට නියමිතව ඇත.
එම පෙරහර ගමන් ගන්නා කාලය තුල සැහැල්ලු වාහන පමණක් මාර්ගයේ එක් මංතීරුවක් ඔස්සේ ගමන් කිරිමට අවස්ථාව ලබාදීමට සැලසුම් කර ඇත.
ඉහත මාර්ගය භාවිතා කරන බර වාහන සඳහා පහත විකල්ප මාර්ගයන් භාවිතා කරන ලෙස මහජනතාවගෙන් හා රියැදුරන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
විකල්ප මාර්ග
- ඇඹිලිපිටිය දෙස සිට කොළඹ දෙසට පැමිණෙන වාහන කහවත්ත යායින්න හන්දියෙන් වමට හරවා මනන්දොළ, නිවිතිගල, තිරිවානාකැටිය හරහා රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගයට ගමන් කල හැකිය. රත්නපුර දෙස සිට ඇඹිලිපිටිය දෙසට ගමන් කරන වාහන පැල්මඩුල්ල, බලංගොඩ, වැලිගෙපොල හරහා පල්ලෙබැද්ද මාර්ගය ඔස්සේ ඇඹිලිපිටිය දෙසට ගමන් කළ හැකිය.
- තව ද කහවත්ත ඔරලෝසු කණුව වටරවුමෙන් වමට ඇති ඕපනායක මාර්ගයේ ඕපනායකට පිවිස බලංගොඩ හරහා පල්ලේබැද්දට පිවිස ඇඹිලිපිටිය දෙසට ගමන් කළ හැකිය.














