වත්මන් රජය විසින් වෘත්තීය සමිති මර්දනය කරමින් ඒකාධිපති පාලනයක් ගෙන යාමට දරන උත්සාහය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඒකාබද්ධ වෘත්තිය සමිති සම්මේලනයේ සාමාජිකයන් පිරිසක් අතර ඊයේ (01) විපක්ෂ නායක කාර්යාලයේ දී විශේෂ හමුවක් පැවැත්විණි.
මෙහි දී වත්මන් රජය විසින් වෘත්තීය සමිති මර්දනය කිරීමට ගන්නා පියවර සහ මේ නිසා සේවක අයිතිවාසිකම් පවා කඩවීම් සම්බන්ධයෙන් දැනුවත් කිරීම සිදු විය. එහි දී වත්මන් රජයේ අසාර්ථක ඩෙංගු මර්දන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද සාකච්ඡා වූ බව විපක්ෂ නායක කාර්යාලය පැවසුවේය.















