කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ජූලි මස 01 වන දින පෙ.ව. 11.00 වන තෙක් වලංගු වන පරිදි ජුනි මස 30 වන දින පෙ.ව. 11.00 ට තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සඳහා මෙම අවවාදාත්මක නිවේදනය වලංගු වේ.













