රාජ්‍ය නිලධාරීන්ට දඩයකින් තොරව වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ අවසාන දිනය අද (30) අවසන් බව බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනය කරයි.
2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතට අනුව අවශ්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අපොහොසත් වන නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අවධාරණය කළේය.
සියලුම වත්කම් සහ බැරකම් ප්‍රකාශ https://ald.ciaboc.gov.lk/ නිල වෙබ් අඩවිය හරහා මාර්ගගතව ඉදිරිපත් කළ යුතු බව කොමිසම සඳහන් කළේය.












