රාජ්‍ය පරිපාලන සේවයේ සහකාර ලේකම් තනතුරු සඳහා නව නිලධාරීන් 150ක්  බඳවා ගැනීමට සූදානම්

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සහකාර ලේකම් තනතුර සඳහා නව නිලධාරීන් 150 දෙනෙකු බඳවා ගැනීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා පවසයි.

මෙම බඳවා ගැනීම් සඳහා වන විභාගය කඩිනමින් පවත්වන බවත් ඔවුන්ගේ විභාග ප්‍රතිඵල මත පදනම්ව අදාළ  බඳවා ගැනීම් සිදු කරන බව අමාත්‍යවරයා පැවසුවේය.

ශ්‍රී ලංකා පරිපාලන සේවය තුළ පුරප්පාඩු විශාල සංඛ්‍යාවක් පවතින බව හෙළි අමාත්‍යවරයා මෙම තනතුරු වලට අදාළ පුරප්පාඩු පිරවීම සඳහා කඩිනමින් පියවර ගන්නා බව ද ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website