දිස්ත්‍රික්ක 14කට ඩෙංගු අවධානම සැලකිය යුතු ලෙස තීව්රර වී ඇති අතර සමහර ප්‍රදේශවල රෝගීන් සංඛ්‍යාව රෝහල් ධාරිතාව ඉක්මවා ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
මේ වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවේ ඩෙංගු ආශ්රිත මරණ 30ක් සහ රෝගීන් 50,000කට වඩා වාර්තා වී ඇත.
වසංගතය මැඩපැවැත්වීමේ උත්සාහයේ කොටසක් ලෙස අධි අවදානම් සහිත ග්‍රාම නිලධාරී කොට්ඨාශ 600ක් ආවරණය වන පරිදි දින තුනක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ඊයේ (26) සිට ආරම්භ කළ බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේය.
පොසොන් උත්සව සමයේදී ඩෙංගු සම්ප්‍රේෂණ අවදානම අවම කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් පොසොන් දන්සල් සඳහා අනුමැතිය ලබා දීම සඳහා කොන්දේසි පනවා ඇති බව ද මේ අතර වාර්තා වේ.












