පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන් අතර මත්ද්‍රව්‍ය භාවිතයේ සැලකිය යුතු වැඩිවීමක් දක්නට ලැබෙන බවත් ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයේ ප්‍රතිකාර, පුනරුත්ථාපන සහ ප්‍රජා සේවා අධ්යක්ෂ ශාන්ත ගමගේ මහත්මිය පැවසුවාය.
අදට (26) යෙදෙන ජාත්‍යන්තර ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය මේ බව හෙළි කළාය.
“ලෝක මත්ද්‍රව්‍ය ගැටලුව: අඛණ්ඩ ගැටළු, නව අභියෝග, නව්‍ය ප්‍රතිචාර” යන තේමාව යටතේ මෙවර ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය සමරනු ලැබේ.














