ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට, මහජන අයිතීන් සුරක්ෂිත වන පරිදි සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා වූ නව පනතක් හඳුන්වා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.
ඩොලර් ආදායම ඉහළ නංවමින් ශක්තිමත් අපනයන ආර්ථිකයක් ගොඩනැගීම වෙනුවෙන් ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට ලබා දිය හැකි කඩිනම් විසඳුම් පිළිබඳ සොයා බැලීම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ය.
මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් එක්ව සිටී මෙම සාකච්ඡාවේදී ඇඟලුම් ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නව අපනයන සැලැස්ම සාර්ථක කර ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.













