2026 මුල් මාස පහ තුළ විදේශ ශ්‍රමික ප්‍රේෂණවල 26%ක වාර්තා ගත වර්ධනයක් – ශ්‍රී ලංකා මහ බැංකුව

මෙම වසරේ වැඩිම ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ලැබුණු බව මහ බැංකුව පැවසීය.

2026 මැයි මාසයේදී ශ්‍රී ලංකාවට සේවක ප්‍රේෂණ ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 847ක් ලැබුණු අතර එය 2025 මැයි මාසයේදී ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 641.7ට සාපේක්ෂව 32%ක වැඩිවීමකි.

2026 වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන 3.9ක ප්‍රේෂණ උපයා ඇති අතර එය පසුගිය වසරේ එම කාලය තුළ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 3.10ට වඩා 26%ක වැඩිවීමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website