විපක්ෂ නායක සජිත් තවත් බරපතළ අනතුරක් ගැන අනාවැකි කියයි

අප රට මේ වන විට මුහුණ දෙන ආර්ථික අවදානමට තවත් අවදානමක් එක් වී රටට විශාල බලපෑමක් සිදුවන සිදුවීම් දාමයකට ඉදිරියේ දී මුහුණ දීමට සිදුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (12) පාර්ලිමේන්තුවට පැවසුවේය.

මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කරමින් විපක්ෂ නායකවරයා මෙසේ ද පැවසුවේය, “අප රට මේ වන විට මුහුණ දෙන ආර්ථික අවදානමට තවත් අවදානමක් එක් වී රටට විශාල බලපෑමක් සිදුවන සිදුවීම් දාමයකට ඉදිරියේ දී මුහුණ දීමට සිදු වෙනවා. එනම් බරපතළ එල්නීනෝ සහ ලානීනෝ තත්ත්වයක අප රටට මුහුණ දීමට සිදුවීමයි.

එල්නීනෝ බරපතල තත්ත්වයක් නිර්මාණය වී වේගයෙන් පැසිෆික් සාගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.3කින් ඉහළ යන ගොස් 1997-1998, 2015 සහ 2016 පැවැති විනාශකාරී තත්ත්වයන්ට සමාන සුපිරි එල්නීනෝ එකක් අප රටට බලපෑ හැකි බවට ජාත්‍යන්තර ආයතන පවා අනතුරු අඟවා තිබෙනවා. එබැවින් අවදානමට පෙර සූදානම් වීමට දැන්වත් ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් කාර්ය සාධන බලකායක් ස්ථාපිත කළ යුතුයි. එසේ නොවන්නේ නම් මේ දැඩි අවදානම හමුවේ ජනතාවගේ ජන ජීවිත සහ සතුන්ගේ ජීවිත පවා අනාරක්ෂිත වන බව” විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුව අමතමින් පෙන්වා දුන්නේය.

ජාතික පරිසර (සංශෝධන) පනත සම්බන්ධයෙන් සිය අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් මෙසේ ද පැවසුවේය, “වත්මන් රජය ඉදිරිපත් කිරීමට යන ජාතික පරිසර (සංශෝධන) පනත අනුව නිෂ්පාදනකරුවාට පරිසර දූෂණයේ පිරිවැය දැරිය යුතු වුවත් මේ පනත හරහා ඒ වගකීම පාරිභෝගිකයාට පවා පවරා ඇති නිසා පුළුල් සාකච්ඡාවක් කරා යා යුතුයි. සන්නාම හිමිකරුවන්, අපද්‍රව්‍ය ක්‍රියාවලිය සහ වගකීම් බැරකම්දාමය දැරිය යුත්තේ නිෂ්පාදනකරුවා වුවත් මේ පනත හරහා එහි පිරිවැය පාරිභෝගිකයාට පවා විතැන් වන නිසා මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website