ලිට්‍රෝ ගෑස් මිල සංශෝධන දිනය ප්‍රකාශයට පත්කරයි

ජුනි මාසය සඳහා වන මාසික ගෑස් මිල සංශෝධනය බ්‍රහස්පතින්දා (04) ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

නව මිල ගණන් සිකුරාදා (05) සිට ක්‍රියාත්මක වන බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

නව මිල සංශෝධනය පවතින ගෝලීය වෙළෙඳපොළ තත්ත්වයන් සහ ජාත්‍යන්තර ගෑස් මිල ප්‍රවණතා මත පදනම් වන බවත් සමාගම පැවසුවේය.

ලිට්‍රෝ සමාගම මීට පෙර මාසික සමාලෝචනයේදී දේශීය ගෑස් මිල ගණන්වලට කිසිදු වෙනසක් සිදු නොකළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website