රජයේ ආදායම් රැස්කරන ආයතනවල සුපිළිපන්නභාවය වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කෙරේ

ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී ප්‍රයත්නය ඉදිරියට ගෙන යාම අරමුණු කර ගනිමින් “රාජ්‍ය ආයතනවල ස්ථාපිත “අභ්‍යන්තර කටයුතු ඒකක” වල ක්‍රියාකාරිත්වය සහ 2025-29 දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම අනුව, ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව යන ආදායම් රැස්කරන හා උපයන ආයතනවල ක්‍රියාකාරිත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදි පසුගිය 29දා පැවැත්විණි.

මෙම ආයතනවල දූෂණ විරෝධී ප්‍රයන්තය ඉදිරියට ගෙන යාම සහ සුපිළිපන් සංස්කෘතියක් තහවුරු කිරීම සඳහා දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව එහිදි සමාලෝචන කරන ලදී. එසේම මෙම ආයතනවල තවදුරටත් සුපිළිපන් සංස්කෘතියක් තහවුරු කිරීම සඳහා ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා විය.

මෙම අවස්ථාවට ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ මෙනවිය සහ රේගු අධ්‍යක්ෂ ජනරාල් ඩබ්. එස්. කේ. ලියනගම, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ආර් පී එච් ප්‍රනාන්දු , සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී.එන්. ඒ. පේමරත්න යන මහත්ම මහත්මීන් ඇතුලු එම ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක ප්‍රධානීන්ද එක්ව සිටියහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website