විද්‍යාවේදී හෙද උපාධිධාරීන් 515කට III ශ්‍රේණියේ හෙද නිලධාරී පත්වීම් ලිපි ප්‍රදානය 29 දා

හෙද අනුස්ථාපන සහ සමායෝජන පුහුණුව සාර්ථකව නිම කරන ලද විද්‍යාවේදී හෙද උපාධිධාරීන් 515 දෙනෙකු සක්‍රීය සේවයට බඳවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ වන විට කටයුතු යොදා ඇත.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්, කොළඹ 07 පදනම් ආයතන පරිශ්‍රයේ දී (29) දින පෙරවරු 10.00 ට පැවැත්වෙන නිල උත්සවයකදී මෙම පත්වීම්ලාභීන් වෙත  III ශ්‍රේණියේ  හෙද නිලධාරී පත්වීම් ප්‍රදානය කිරීමට නියමිතය. 

එම පත්වීම්ලාභීන් මධ්‍යම රජය යටතේ පාලනය වන ප්‍රධාන රෝහල් සහ ශික්ෂණ රෝහල් වෙත අනුයුක්ත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

විද්‍යාවේදී හෙද උපාධිධාරීන් III ශ්‍රේණියේ තනතුරු සඳහා අවසන් වරට බඳවා ගැනීම් සිදුකර ඇත්තේ 2021 වර්ෂයේදී ය. ඒ අනුව වසර පහකට පසු මෙම බඳවා ගැනීම් සිදුවීම සුවිශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website