මෙනින්ජයිිස් රෝගීන් 200ක්: වසංගත රෝග විද්‍යා අංශය විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කරයි

දිවයින පුරා මෙනින්ජයිිස් රෝගීන් 200ක් පමණ වාර්තා වී ඇතැයි වංසගත රෝග විද්‍යා අංශය අද (27) අනාවරණය කළේය.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය පැවසුවේ මේ වනවිට රෝගීන්ගේ අඩුවීමක් පෙන්නුම් කරන අතර, එළැඹෙන වැසි සමය තුළ රෝග බෝවීමේ ප්‍රවණතාවයක් ඇති බැවින් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවයි.

මේ වනවිට දිස්ත්‍රික්ක 4ක රෝගීන් 50ක් පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද ඇය අනාවරණය කළාය.

රෝග ව්‍යාප්තිය පාලනය සහ වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සියලුම අංශ සහ ආයතන වෙත විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website