ඉන්ධන මිල ඉහළ යන බවට පැතිර යන කටකතා ගැන සංස්ථාවෙන් විශේෂ ප්‍රකාශයක්

ඉන්ධන මිල සංශෝධනයක් ළඟදීම සිදුවන බවට පැතිර යන වාර්තා ලංකා ඛනිජ තෙල් සංස්ථාව තරයේ ප්‍රතික්ෂේප කරන අතර, එම තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා පවසයි.

මෙම අසත්‍ය වාර්තා හේතුවෙන් පිරවුම්හල්වල පෝලිම් ඇති වූ නමුත් රට තුළ ඉන්ධන හිඟයක් නොමැති බව ඔහු අවධාරණය කළේය.

ඇමරිකා එක්සත් ජනපදයෙන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000 බැගින් රැගත් බොරතෙල් නැව් දෙකක් ඉදිරි දිනවලදී කොළඹ වරායට පැමිණීමට නියමිත බව ඔහු තවදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website