කෘත්‍රිම බුද්ධිය වැඩි වැඩියෙන් භාවිතා කිරීමේ සැලසුම අනුව Standard Chartered බැංකුව ඉදිරි වසර හතර තුළ රැකියා 7,000කට වඩා අඩු කිරීමට සැලසුම් කර ඇත.
ලන්ඩන් මූලස්ථානය කරගත් Standard Chartered බැංකුව රැකියා දහස් ගණනක් කපා හැරීමට සැලසුම් සකස් කළ පළමු ප්‍රධාන ගෝලීය බැංකු වලින් එකකි. ලාභදායිතාවය වැඩි කිරීමට සහ තරඟකාරිත්වයට මුහුණ දීමට උත්සාහ කරන බැවින් මෙහෙයුම් පිරිවැය අවම කර ගැනීම සඳහා AI භාවිතය පුළුල් කරන බව Standard Chartered බැංකුව පවසයි.
ස්ටැන්චාර්ට් අද (19) පැවසුවේ 2030 වන විට එහි කාර්යාල සේවකයින්ගෙන් 15%ක් කපා හරින බවයි. මෙම තීරණය අනුව කාර්ය මණ්ඩලයෙන් 7,800ක් පමණ ඉවත් කිරීම සිදුවනු ඇත.
Standard Chartered බැංකුවේ මුළු ගෝලීය ශ්‍රම බලකාය 82,000කට ආසන්න වන අතර එහි ප්‍රධාන විධායක බිල් වින්ටර්ස් පැවසුවේ අඩු කිරීම ස්වයංක්‍රීයකරණය සහ කාර්ය මණ්ඩල නැවත කුසලතා ලෙස කෘතිම බුද්ධිය භාවිතා කිරීම මගින් මෙහෙයවනු ඇති බවයි.
වාර්තාවන්ට අනුව චෙන්නායි, බැංගලෝර්, ක්වාලාලම්පූර් සහ වෝර්සෝ හි ඇති ශාඛා සේවක කප්පාදුවට ලක්වනු ඇත.
“එය පිරිවැය අඩු කිරීමක් නොවේ. එය සමහර අවස්ථාවල අඩු වටිනාකමක් ඇති මානව ප්‍රාග්ධනය මූල්‍ය ප්‍රාග්ධනය සහ අප යොදවන ආයෝජන ප්‍රාග්ධනය සමඟ ප්‍රතිස්ථාපනය කරයි,” Standard Chartered ප්‍රධාන විධායක බිල් වින්ටර්ස් පැවසීය.
The Guardian ඇසුරිණි














