ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ බෞද්ධාලෝක වෙසක් කමිටුවේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් 25වන වරටත් සංවිධානය කෙරෙන බෞද්ධාලෝක වෙසක් කලාපය, බෞද්ධාලෝක මාවත කේන්ද්‍ර කරගෙන මැයි 30වන දා සිට ජුනි 01වන දා දක්වා පැවැත්වීමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත ජනාධිපති කාර්යාලයේ මැදිහත්වීමෙන් සියලු රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල දායකත්වය ලබා ගනිමින් මෙය උත්කර්ෂවත්ව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙන අතර, ඊට අදාළ පෙර සූදානම සහ ජනතාවට පහසුකම් සැපයීම පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.














