
ටවර් හෝල් පදනම විසින් 30 වැනි වරටත් සංවිධානය කළ 2024/2025 සමස්ත ලංකා පාසල් නාට්‍ය තරඟාවලියේ සම්මාන ප්රදානෝත්සවය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 15 වැනිදා සව්සිරිපාය පරිශ්‍රයේ දී පැවැත්වුණේය.
මෙහි දී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මෙසේ පැවසුවාය. “අප බලාපොරොත්තුවන පරිවර්තනීය වෙනස හරහා ආකල්පමය වශයෙන් මෙන්ම සංස්කෘතික වශයෙන් දියුණු මිනිසා බිහිකිරීමට කලාව මහඟු මෙහෙවරක් ඉටු කරනවා. සමාජයට අවශ්‍යකරන හොඳ පරිකල්පනයක් සහිත සහකම්පනයෙන් යුතු නායකත්ව ගුණාංග තිබෙන නිර්මාණශීලී පිරිපුන් යහපත් පුරවැසියන් බිහිකිරීම රජයේ අරමුණ යි”














