අධිකරණ ක්ෂේත්‍රයේ ඉදිරියේ දී සිදුවන නවතම වෙනස්කම් ගැන අධිකරණ ඇමැතිගෙන් විශේෂ හෙළිදරව්වක්

නඩු කටයුතුවල අනවශ්‍ය ප්‍රමාදයන් අවම කිරීම වෙනුවෙන් නව අධිකරණ 7ක් පිහිටුවීමට කටයුතු කර ඇති බවත් මේ වනවිට අධිකරණ කටයුතු වෙනුවෙන් කාර්ය මණ්ඩය බදවා ගැනීම් සිදු කරන බවත් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව හෙළි කළේය.

නඩු කල් යාම හෝ ඒ සම්බන්ධව ගැටලු මතුවීම එක් පුද්ගලයකුගේ එක් ආණ්ඩුවක ක්‍රියාවක් නොවන බව පෙන්වා දෙන අමාත්‍යවරයා මෙම කාරණය වසර 15ක් තිස්සේ පැවති තත්වයක් බව පෙන්වා දුන්නේය.

මේ වනවිට අධිකරණය තුළ නඩු ලක්ෂ 11ක ප්‍රමාණයක් සිරවී ඇති බව කී අධිකරණ අමාත්‍යවරයා මෙරටට නඩු කටයුතු හෙබවීමට ප්‍රමාණවත් විනිසුරුවරුන් නොමැති බව ද සඳහන් කළේය. මේ වන විට අධිකරණ කටයුතු මෙහෙයෙවීම සඳහා සිටි විනිසුරුවරුන් සංඛ්‍යාව 20 දෙනෙකු බවත් 4422ක ප්‍රමාණයක කාර්ය මණ්ඩල හිඟයක් 2024 වනවිට පැවති බවත් අධිකරණ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අධිකරණ කටයුතු වෙනුවෙන් කාර්ය මණ්ඩලයට 4130ක් අලුතෙන් බඳවා ගැනීමට මේ වන විට කටයුතු කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉදිරියේදී තවත් බඳවා ගැනීමට නියමිත බව ද පැවසීය.

එසේම අධිකරණ කිහිපයක් අලුතෙන් ආරම්භ කළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා අල්ලස් නඩුකර වෙනුවෙන් අධිකරණයන් පිහිටුවීමට අමාත්‍යංශය කටයුතු කර ඇති බව ද සඳහන් කළේය.තව ද ඉදිරි සති දෙකක් ඇතුළත අධිකරණ දෙකක් නඩු කටයුතු වෙනුවෙන් ලබා දීමට නියමිත බව ද අධිකරණ අමාත්‍යවරයා පැවසුවේය. එසේම අලුත්කඩේ අධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ තවත් අධිකරණ 5ක් ඉදිකෙරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

රජයේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය අධිකරණ කටයුතු වෙනුවෙන් යොදවන බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ වෙනුවෙන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අධිකරණයන්ට උපදෙස් ලබා දී ඇති බවත් පළාත් අධිකරණවලට ද ඉදිරියේදී ඩිජිටල්කරණය හඳුන්වා දීමට කටයුතු කරන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

අධිකරණ නිලධාරීන් නොබියව තීරණ ගත යුතු බවත් ඉදිරියේ දී නඩු කල් දැමීමක් සිදු නොවන අතර කඩිනමින් තීන්දු ලබා දීමට කටයතු කරන බවත් එමගින් අධිකරණවල පවතින අනවශ්‍ය තදබදය අඩුවනු ඇති බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

එසේම නඩු කටයුතු ප්‍රමාදයන් සඳහා රස පරීක්ෂක වාර්තා ලැබීම්වල ප්‍රමාදයක් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉදිරියේදී රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website