මතුගම ඇළ මාර්ගයක තිබී මළ සිරුරක් සොයා ගැනේ

මතුගම – අගලවත්ත මාර්ගයේ දෙල්ගස් හන්දියේ ඇළ මාර්ගයක තිබී මළ සිරුරක් සොයාගෙන ඇති බව පොලිසිය පවසයි. මියගිය පුද්ගලයා ඉත්තපනේ පදිංචි 41 හැවිරිදි අයෙකු ලෙස හඳුනාගෙන ඇත.

මරණයට හේතුව තවමත් නිශ්චය කර නොමැති බව පොලිසිය පවසන අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මතුගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website