2026 වසර සඳහා ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම – අමාත්‍යාංශය නිකුත් කළ විශේෂ නිවේදනය

2026 වසර සඳහා ගිනි අවි බලපත්‍ර අලුත් කිරීමේ කාලය හෙට (31) අවසන් වීමට නියමිත බව ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ විශේෂ නිවේදනයක සහන් වේ.

මෙම දිනය වන විට බලපත්‍ර අලුත් කිරීමට අපොහොසත් වන ගිනි අවි හිමිකරුවන් ගිනි අවි ආඥා පනතේ 22 වන වගන්තියට අනුව 2026 පෙබරවාරි 10 වන දිනට පෙර දඩ මුදල් ගෙවා ගිනි අවි බලපත්‍ර අලුත් කළ යුතුය.

වලංගු බලපත්‍රයක් නොමැතිව ගිනි අවියක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් 22 වන වගන්තියේ විධිවිධාන යටතේ නියමිත දිනට බලපත්‍රය අලුත් නොකරන ඕනෑම ගිනි අවි හිමිකරුවෙකුට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට අමාත්‍යාංශය තවදුරටත් අනතුරු ඇඟවීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website