සංචාරක ක්ෂේත්‍රයේ වේගවත් සංවර්ධනයකට තීන්දු රැසක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකායේ සාමාජිකයන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (30) පෙරවරුවේ පැවැත්විණි.

මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ට නැරඹුම් ස්ථානවලට පිවිසීම පහසු වනු පිණිස   ඩිජිටල් ප්‍රවේශ පත්‍රයක් හඳුන්වා දීමේ ක්‍රියාවලියෙහි ලබා ඇති ප්‍රගතිය මෙන්ම සංචාරකයන්ගේ වීසා සම්බන්ධ කටයුතු කඩිනමින් සිදු කිරීම කෙරෙහිත් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.

තව ද, සංචාරකයන්ගේ පහසුව සඳහා රට තුළ අභ්‍යන්තර ගුවන් සේවා විධිමත් කිරීමටත්, ඒවායේ පවතින ගැටලු පිළිබඳව මෙන්ම කටුනායක ගුවන් තොටුපොළ සහ සංචාරක ගමනාන්ත අතර බස් රථ සේවා ආරම්භ කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක් විය.

මේ වන විට ආරම්භ කර තිබෙන බේරේ වැව පිරිසිදු කිරීමේ කටයුතුවල ප්‍රගතිය ද මෙහිදී විමසා බැලිණි.

එසේම මහවැලි අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් නිවාඩු නිකේතන සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් යොදා ගන්නේ කෙසේද යන්න පිළිබඳවත් සංචාරකයන් මුහුණ දෙන ගැටලු සංචාරක පොලිසිය මගින් විසඳීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

තල්මසුන් නැරඹීමේ මධ්‍යස්ථානවල පවතින ගැටලු මෙන්ම, සංචාරක ක්ෂේත්‍රයේ නිරත වූවන් මුහුණ දී සිටින ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website