ත්‍රි‘මලේ බුදු පිළිම සිද්ධිය: රීට් පෙත්සමේ නියෝගය ප්‍රකාශයට පත් කිරීම කල්යයි

ත්‍රිකුණාමලයේ බුදු පිළිම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමියන් සහ ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියන් රිමාන්ඩ් භාරයට පත් කරමින් නිකුත් කර තිබෙන නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කරන රිට් පෙත්සමේ නියෝගය ප්‍රකාශ කිරීම අභියාචනාධිකරණය විසින් ලබන 03 වනදා දක්වා කල් තබනු ලැබීය.

මෙම රීට් පෙත්සමට අදාළ නියෝගය අභියාචනාධිකරණය විසින් අද (30) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණ නමුත් පෙත්සම විභාගයට ගත්  අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා නිවේදනය කළේ මෙම නඩු නියෝගය සූදානම් නොමැති බවත් ඒ අනුව මෙම නියෝගය ලබන 02 වැනිදා ප්‍රකාශයට පත් කරන බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website