අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය 2026.02.04 වන දින නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට නියමිතව ඇත. උත්සවයට සමඟාමීව පැවැත්වෙන පූර්ව පෙරහුරු වැඩසටහන් 2026.01.30 වන දින සිට 2026.02.02 වන දින දක්වා පැවැත්වෙන අතර එම දිනයන් හා 2026.02.04 වන දින නිදහස් උත්සව දිනය මූලික කරගෙන කොළඹ ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කිරීම, විකල්ප මාර්ග භාවිතා කිරීම පිළිබඳව විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව, 2026.01.30, 31 හා 2026.02.02 දින පෙරහුරු පුහුණුවීමේ කටයුතු සඳහා පැය 0745 සිට පැය 1330 දක්වාත්, පූර්ණ පෙරහුරුව පැවැත්වෙන 2026.02.01 වන දින පැය 0500 සිට පැය 1330 දක්වා සහ 2026.02.04 වන දින පැය 0500 සිට නිදහස් දින උත්සවය අවසන් වන තුරු අවස්ථානුකූලව රථවාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇත.
1. නිදහස් මාවත නිදහස් වටරවුමෙන් නිදහස් චතුරශ්‍රය දෙසට ඇතුළුවීම.
2. ස්ටැන්ලි විජේසුන්දර මාවතෙන් පදනම් ආයතනය දෙසට ඇතුළුවීම.
3. බෞද්ධාලෝක මාවත, ටොරින්ටන් හන්දියෙන් ප්‍රේමකීර්ති ද අල්විස් මාවතට ඇතුළුවීම.
4. බෞද්ධාලෝක මාවත, ආර්.එෆ්.පී. හන්දියෙන් මේට්ලන්ඩ් පෙදෙසට ඇතුළුවීම.
5. විජේරාම මාවත, විද්‍යා මාවත, හන්දියෙන් විද්‍යා මාවතට ඇතුළුවීම.
6. මේට්ලන්ඩ් ක්‍රසන්ට් ආර්.ජී. සේනානායක මාවත හන්දියෙන් නිදහස් වටරවුම දෙසට ඇතුළුවීම.
7. නිදහස් වටරවුමෙන් මේට්ලන්ඩ් ක්‍රසන්ට් දෙසට ඇතුළුවීම.
8. හෝර්ටන් පෙදෙස මේට්ලන්ඩ් ක්‍රසන්ට් හන්දියෙන් නිදහස් වටරවුම දෙසට ඇතුළු වීම.
විශේෂ රථවාහන සැලැස්මට අනුව 2026.02.04 වන දින උත්සව අවස්ථාවේ පැය 0300 සිට ජාතික නිදහස් සැමරුම් උත්සවය අවසන් වන තෙක් පහත සඳහන් මාර්ගයන්හි ගමනාගමනය සීමා කරනු ඇත.
1. හෝර්ටන් වටරවුමෙන් ආනන්ද කුමාරස්වාමි මාවතට ඇතුළු වීම.
2. පුස්තකාල හන්දියෙන් ආනන්ද කුමාරස්වාමි මාවත හෝර්ටන් වටරවුම දෙසට ඇතුළුවීම.
3. ධර්මපාල මාවතෙන් එෆ්.ආර්. සේනානායක මාවතට ඇතුළුවීම.
4. කන්නංගර මාවතෙන් එෆ්.ආර්. සේනානායක මාවතට ඇතුළුවීම.
5. නිදහස් මාවත නිදහස් වටරවුමෙන් නිදහස් චතුරශ්‍රය දෙසට ඇතුළුවීම.
6. ස්ටැන්ලි විජේසුන්දර මාවතෙන් පදනම් ආයතනය දෙසට ඇතුළුවීම.
7. බෞද්ධාලෝක මාවත, ටොරින්ටන් හන්දියෙන් ප්‍රේමකීර්ති ද අල්විස් මාවතට ඇතුළු වීම.
8. බෞද්ධාලෝක මාවත, ආර්.එෆ්.පී. හන්දියෙන් මේට්ලන්ඩ් පෙදෙසට ඇතුළුවීම.
9. විජේරාම මාවත, විද්‍යා මාවත හන්දියෙන් විද්‍යා මාවතට ඇතුළුවීම.
10. මේට්ලන්ඩ් ක්‍රසන්ට් ආර්.ජී. සේනානායක මාවත හන්දියෙන් නිදහස් වටරවුම දෙසට ඇතුළුවීම.
11. නිදහස් වටරවුමෙන් මේට්ලන්ඩ් ක්‍රසන්ට් දෙසට ඇතුළුවීම.
12. හොර්ටන් පෙදෙස මේට්ලන්ඩ් ක්‍රසන්ට් හන්දියෙන් නිදහස් වටරවුම දෙසට ඇතුළුවීම.
• ඉහත දිනයන්හිදි ගමනාගමනය සීමා කරනු ලබන මාර්ගයන්හි පදිංචිකරුවන් හා ආයතන වෙත රාජකාරියට බාධාවක් නොවන අයුරින් ගමන් කිරීමට අවස්ථාව සලසා ඇත.












