ශ්‍රී ලංකාව තුළ තනි තනි වශයෙන් දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීම ගැන යෝජනාවක්

ලොව රටවල් 104ක් තනි තනි වශයෙන් දුම්වැටි අලෙවි කිරීම තහනම් කර ඇති බවත් එම නීතිය ශ්‍රී ලංකාව තුළ ද ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය අවධාරණය කළේය.

තනි තනි වශයෙන් දුම්වැටි අලෙවි කිරීමේදී දුම්වැටි ඇසුරුම්වල දක්වා ඇති අනතුරු ඇඟවීම් අදාළ පාරිභෝගිකයින්ට දෘශ්‍යමාන වීමක් සිදු නොවන බව ද  එම අධිකාරියේ නිලධාරීහු වැඩිදුරටත් පැවසූහ.

තව ද දුම්වැටි සඳහා බදු පැනවීම, දුම්වැටි මිල නියම කිරීමෙන් අනතුරුව සිදුකිරීමේ වැදගත්කම ද දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ  ජාතික අධිකාරියේ නිලධාරීහු අවධාරණය කළහ.

දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සහ යාපනය ශික්ෂණ රෝහල පිළිබඳ ආයතන සමාලෝචනයක් සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සිදු කරන ලදී. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව පසුගිය 21 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. මෙම කරුණු හෙළි වූයේ මෙකී සාකච්ඡාවේදීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website